UNDP complaint

Next Sri Lanka රාජ්‍ය වැඩසටහනට

30 March 2021

Next Sri Lanka රාජ්‍ය වැඩසටහනට

news images

අඩු ආදායම්ලාභී පවුල්වල වයස අවුරුදු 18ත් 35ත් අතර තරුණ තරුණියන් 50000ක් දෙස් විදෙස් රැකියාගත කිරීමේ රැකියා පුහුණු පූර්ණ ශිෂ්යත්ව වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. ඒ ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්රජා සවිබලගැන්වීම් අමාත්යංශයට අනුබද්ධ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ක්රියාත්මක ඉදිරි වසර පහ තුළ පවුල් ලක්ෂ 20ක් සවිබලගැන්වීමේ Next Sri LAnka රාජ්ය වැඩසටහනට සමගාමීවයි.
ඒ අනූව ජුලි 15 ට යෙදෙන ජාත්යන්තර තරුණ නිපුණතා දිනට සමගාමිව ජුලි 15 සිට 23 දක්වා පුරා සතියක් දිවයිනේ සියළුම ප්රාදේශීය ලේකම් කාර්යාල වලදී, උදෑසන 9.00 සිට සවස 4.00 දක්වා තරුණ තරුණියන්ගේ නිපුනතවය පරික්ෂා කිරීමේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට නියමිතයි. www.nextsrilanka.lk වේත පිවිසීමෙන් ඔබට මේ සඳහා ලියාපදිංචි විය හැකියි.

Top