30 March 2021

කිරිහල බදු දීම සදහා ටෙන්ඩර් කැදවීම

news images

මීගහකිවුල ප්‍රාදේශිය සභාව

ප්‍රසම්පාදන දැන්වීම

කිරිහල ගොඩනැඟිල්ල බදු දීම

 

මීගහකිවුල ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ මීගහකිවුල ප්‍රාදේශිය සභාවට අයත් පහත උපලේඛන අංක 02හි දැක්වෙන කිරිහල ගොඩනැඟිල්ල 2025 සැප්තැම්බර් මස 01 වන දින සිට 2026 අගෝස්තු මස 31 දින දක්වා වර්ෂයක කාලසීමාව සඳහා කිරිහල ගොඩනැඟිල්ල බදු දීම සඳහා ටෙන්ඩර් පත් කැඳවනු ලැබේ. ටෙන්ඩර් කැඳවීමේ පෝරම 2025.08.04 වන දින පෙ.ව.9.00 සිට 2025.08.25 වන දින පෙ.ව.11.00 දක්වා මා විසින් ප්‍රාදේශිය සභා කාර්යාලයේදි නිකුත් කරනු ලැබේ.

  1. ටෙන්ඩර් ඉල්ලුම්පත් සම්පුර්ණ කර 2025.08.04 වන දින ප.ව.12.00ට ප්‍රථම “ මුල් පිටපත” හා “ අනු පිටපත”

යනුවෙන් නම් කොට වෙන වෙනම 9×6 ප්‍රමාණයේ ලියුම් කවර දෙකක දමා එම කවර දෙකම 10×16 ප්‍රමාණයේ කවරයක් තුළට දමා එම කවරය මුද්‍රා තබා නියමිත පරිදි සම්පුර්ණ කරන ලද ටෙන්ඩර්පත්  “ සභාපති, ප්‍රසම්පාදන මණ්ඩලය, ප්‍රාදේශිය සභාව, මීගහකිවුල ” යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය හැකි අතර, නැතහොත් මීගහකිවුල ප්‍රාදේශිය සභා කාර්යාලීය ටෙන්ඩර් පෙට්ටියට අතින් ගෙනවිත් බහාලිය හැකිය. ඔබ විසින් ඉදිරිපත් කරනු ලබන ටෙන්ඩර්පත් බහාලන ලිපි කවරයේ වම්පස කෙළවරේ අදාළ “ කිරිහල ගොඩනැඟිල්ල බදු ගැනීම සඳහා ටෙන්ඩර් ඉල්ලුම්පත් ” යනුවෙන් සඳහන් කළ යුතුය. ප්‍රසම්පාදන විවෘත කිරීම 2025.08.25 වන දින ප.ව.1.00ට මීගහකිවුල ප්‍රාදේශිය සභා කාර්යාලයේදි සිදු කරනු ලබයි.

 

  1. මීගහකිවුල ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවන්ට හා ලියාපදිංචි සමිතිවලට සහ ආබාධ සහිත       පුද්ගලයින්, ස්වයං රැකියාවල නිරත කාන්තා පාර්ශවයන් සඳහා  ටෙන්ඩර්පත් ඉදිරිපත් කළ හැකිය. එමෙන්ම

ස්වකීය අනන්‍යතාවය තහවුරු කිරීම සහ ජාතික හැඳුනුම්පත හා පදිංචිය තහවුරු කිරීම සඳහා මෑතකදි ලබාගත් ප්‍රාදේශිය ලේකම් අනු අත්සන් කරන ලද ග්‍රාම නිලධාරි සහතිකය ඉදිරිපත් කළ යුතුය.

 

  1. වැඩි විස්තර කාර්යාලීය දිනයන් හි පෙ.ව.9.00 සිට ප.ව.3.00 දක්වා ප්‍රාදේශීය සභා කාර්යාලයෙන් විමසා දැනගත හැකිය. (දුරකථන අංකය – 055 -2245775) ටෙන්ඩර් පත් විවෘත කරන අවස්ථාවේ දී ඉල්ලුම්කරු හෝ ඔහුගෙන් ලිඛිතව බලයලත් නියෝජිතයෙකුට සහභාගි විය හැකිය. මෙම ටෙන්ඩර් සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීම හෝ අදාල නියමයන්ට අනුකූල නොවන ටෙන්ඩරයක් ප්‍රතික්ෂේප කිරීමේ පුර්ණ අයිතිය මීගහකිවුල ප්‍රාදේශිය සභා ප්‍රසම්පාදන මණ්ඩලය සතුවේ.

 

උපලේඛන අංක – 01

ටෙන්ඩර්පත් නිකුත් කිරීම 2025.08.04 වන දින පෙ.ව.9.00 සිට 2025.08.25 දින පෙ.ව.11.00 දක්වා
ටෙන්ඩර්පත් භාර ගැනීම 2025.08.25 දින ප.ව.12.00 දක්වා
ටෙන්ඩර්පත් විවෘත කිරීම 2025. 08.25 දින ප.ව.1.00

 

 

උපලේඛන අංක – 02

වත්කමේ නම අවම ලංසු මුදල

 

 

ආපසු නොගෙවන ටෙන්ඩර් පෝරම ගාස්තු (රු) ආපසු ගෙවන තැන්පතු

(රු)

වාර්ෂිකව මාසිකව

 

 

කිරිහල ගොඩනැඟිල්ල

 

114,000.00

 

9,500.00

 

3,000.00

 

15,000.00

 

 

සභාපති                                                                                     2025.07.30

ප්‍රාදේශිය සභාව, මීගහකිවුල                                                          මීගහකිවුල ප්‍රාදේශිය සභා කාර්යාලයේදි

 

Top