30 March 2021
කරමැටිය කඩ කාමර අංක 02 බදු දීම
මීගහකිවුල ප්‍රාදේශිය සභාව
ටෙන්ඩර් දැන්වීම
කරමැටිය කඩ කාමර අංක 02 බදු දීම
මීගහකිවුල ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ මීගහකිවුල ප්‍රාදේශිය සභාවට අයත් පහත උපලේඛන අංක 02හි දැක්වෙන කරමැටිය කඩ කාමර අංක 02 ගිවිසුම් ගත වන දින සිට වර්ෂ 25ක කාලයක් පවත්වාගෙන යාම සඳහා ලංසුපත් කැඳවනු ලැබේ. ටෙන්ඩර් කැඳවීමේ පෝරම 2025.08.04 දින පෙ.ව.9.00 සිට 2025.08.25 දින පෙ.ව.11.00 දක්වා මා විසින් ප්‍රාදේශිය සභා කාර්යාලයේදි නිකුත් කරනු ලැබේ.
යනුවෙන් නම් කොට වෙන වෙනම 9×6 ප්‍රමාණයේ ලියුම් කවර දෙකක දමා එම කවර දෙකම 10×16 ප්‍රමාණයේ කවරයක් තුළට දමා එම කවරය මුද්‍රා තබා නියමිත පරිදි සම්පුර්ණ කරන ලද ටෙන්ඩර් ලංසුපත් “ සභාපති, ප්‍රසම්පාදන මණ්ඩලය, ප්‍රාදේශිය සභාව, මීගහකිවුල ” යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය හැකි අතර, නැතහොත් මීගහකිවුල ප්‍රාදේශිය සභා කාර්යාලීය ටෙන්ඩර් පෙට්ටියට අතින් ගෙනවිත් බහාලිය හැකිය. ඔබ විසින් ඉදිරිපත් කරනු ලබන ලංසුපත් බහාලන ලිපි කවරයේ වම්පස කෙළවරේ අදාළ “ කඩ කාමර අංක 02 සඳහා ටෙන්ඩර් ඉල්ලුම්පත් ” යනුවෙන් සඳහන් කළ යුතුය. ටෙන්ඩර් විවෘත කිරීම 2025.08.25 වන දින ප.ව.1.00ට මීගහකිවුල ප්‍රාදේශිය සභා කාර්යාලයේදි සිදු කරනු ලබයි.
හැකිය.එමෙන්ම ස්වකීය අනන්‍යතාවය තහවුරු කිරීම සහ ජාතික හැඳුනුම්පත හා පදිංචිය තහවුරු කිරීම සඳහා මෑතකදි ලබාගත් ප්‍රාදේශිය ලේකම් අනු අත්සන් කරන ලද ග්‍රාම නිලධාරි සහතිකය ඉදිරිපත් කළ යුතුය.
උපලේඛන අංක – 01
| ටෙන්ඩර්පත් නිකුත් කිරීම | 2025.08.04 වන දින පෙ.ව.9.00 සිට 2025.08.25 දින පෙ.ව.11.00 දක්වා |
| ටෙන්ඩර්පත් භාර ගැනීම | 2025.08.25 දින ප.ව.12.00 දක්වා |
| ටෙන්ඩර්පත් විවෘත කිරීම | 2025. 08.25 දින ප.ව.1.00 |
උපලේඛන අංක – 02
| නම | ප්‍රමාණය
(වර්ග අඩි) |
නැවත නොගෙවන අවම ලංසු මුදල (රු) | කඩ කුළිය
|
ආපසු නොගෙවන ටෙන්ඩර් පෝරම ගාස්තු (රු) | ආපසු ගෙවන තැන්පතු
(රු) |
|
| වාර්ෂිකව | මාසිකව | |||||
| කරමැටිය කඩකාමර අංක 02 |
27.9 x 13.3 |
1,000,000.00 |
78,000.00 |
6,500.00 |
6,000.00 |
25,000.00 |
සභාපති, 2025.07.30
ප්‍රාදේශිය සභාව, මීගහකිවුල මීගහකිවුල ප්‍රාදේශිය සභා කාර්යාලයේදි