10/03/2026

නව දෙමහල් ගොඩනැඟිල්ලේ පහළ මහළ බදු දීම

slider image

 Meegahakiula Pradeshiya Sabawa


මීගහකිවුල ප්රාදේශිය සභාව
ටෙන්ඩර් දැන්වීම
නව දෙමහල් ගොඩනැඟිල්ලේ පහළ මහළ බදු දීම

මීගහකිවුල ප්රාදේශිය සභා බල ප්රදේශයේ මීගහකිවුල ප්රාදේශිය සභාවට අයත් පහත උපලේඛන අංක 02හි දැක්වෙන නව දෙමහල් ගොඩනැඟිල්ලේ පහළ මහළ ගිවිසුම් ගත වන දින සිට වර්ෂ 25ක කාලයක් පවත්වාගෙන යාම සඳහා ජාතික තරඟකාරී ලංසු කැඳවීම යටතේ ලංසුපත් කැඳවනු ලැබේ. ටෙන්ඩර් කැඳවීමේ පෝරම 2026.02.23 දින පෙ.ව.9.00 සිට 2026.03.10 දින ප.ව.12.00 දක්වා මා විසින් ප්රාදේශිය සභා කාර්යාලයේදි නිකුත් කරනු ලැබේ.

01. ටෙන්ඩර් ඉල්ලුම්පත් සම්පුර්ණ කර 2026.03.10 දින ප.ව.02.00ට ප්රථම “ මුල් පිටපත” හා “ අනු පිටපත” යනුවෙන් නම් කොට වෙන වෙනම 9×6 ප්රමාණයේ ලියුම් කවර දෙකක දමා එම කවර දෙකම 10×16 ප්රමාණයේ කවරයක් තුළට දමා එම කවරය මුද්රා තබා නියමිත පරිදි සම්පුර්ණ කරන ලද ටෙන්ඩර් ලංසුපත් “ සභාපති, ප්රසම්පාදන මණ්ඩලය, ප්රාදේශිය සභාව, මීගහකිවුල ” යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය හැකි අතර, නැතහොත් මීගහකිවුල ප්රාදේශිය සභා කාර්යාලීය ටෙන්ඩර් පෙට්ටියට අතින් ගෙනවිත් බහාලිය හැකිය. ඔබ විසින් ඉදිරිපත් කරනු ලබන ලංසුපත් බහාලන ලිපි කවරයේ වම්පස කෙළවරේ අදාළ “ නව දෙමහල් ගොඩනැඟිල්ලේ පහළ මහළ සඳහා ටෙන්ඩර් ඉල්ලුම්පත් ” යනුවෙන් සඳහන් කළ යුතුය. ටෙන්ඩර් විවෘත කිරීම 2026.03.10 වන දින ප.ව.2.30ට මීගහකිවුල ප්රාදේශිය සභා කාර්යාලයේදි සිදු කරනු ලබයි.

02. ශ්රී ලංකාව තුළ ස්ථිර පදිංචිකරුවන්ට හා ලියාපදිංචි සමිතිවලට පමණක් ටෙන්ඩර් ලංසුපත් ඉදිරිපත් කළ හැකිය.එමෙන්ම ස්වකීය අනන්යතාවය තහවුරු කිරීම සහ ජාතික හැඳුනුම්පත හා පදිංචිය තහවුරු කිරීම සඳහා මෑතකදි ලබාගත් ප්රාදේශිය ලේකම් අනු අත්සන් කරන ලද ග්රාම නිලධාරි සහතිකය ඉදිරිපත් කළ යුතුය.

03. වැඩි විස්තර කාර්යාලීය දිනයන් හි පෙ.ව.9.00 සිට ප.ව.3.00 දක්වා ප්රාදේශීය සභා කාර්යාලයෙන්
විමසා දැනගත හැකිය. (දුරකථන අංකය – 055 -2245775) ප්රසම්පාදන ලංසු විවෘත කරන අවස්ථාවේ දී
ඉල්ලුම්කරු හෝ ඔහුගෙන් ලිඛිතව බලයලත් නියෝජිතයෙකුට සහභාගි විය හැකිය. මෙම ටෙන්ඩර්
සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීම හෝ අදාල නියමයන්ට අනුකූල නොවන ටෙන්ඩර් ප්රතික්ෂේප
කිරීමේ පුර්ණ අයිතිය මීගහකිවුල ප්රාදේශිය සභා ප්රසම්පාදන මණ්ඩලය සතුවේ.

Top