සභා ලේකම්ගේ ප්‍රකාශය
1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනත ප්‍රකාරව පළාත් පාලන ආයතනයක් වෙතින් ඉටු විය යුතු ප්‍රධාන සේවාවන් වශයෙන් සෞඛ්‍ය සේවා, පොදු මංමාවත් හා ගොඩනැගිලි, පොදු උපයෝගීතා සේවාවන් හා සුභ සාධන සේවාවන් දැක්විය හැක. ග්‍රාම සේවා වසම් 20කින් හා වර්ග කිලෝ මීටර් 105 ක වපසරියකින් යුතු බදුල්ල දිස්ත්‍රික්කය තුල පිහිටා ඇති මීගහකිවුල ප්‍රාදේශීය සභාව තුල ඉහත සඳහන් සේවාවන් ප්‍රශස්ත මට්ටමින් පවත්වා ගෙන යාමට ප්‍රාදේශීය වශයෙන් පවතින සියලුම සම්පත් කාර්යක්ෂමව හා ඵලදායීව යොදා ගනිමින් ජනතාවගේ සමාජ, ආර්ථික, සංස්කෘතිය අභිමතාර්ථ සහතික කිරීමට වෑයම් කරමී.
වත්මන් ආර්ථිකය හමුවේ පැවති අර්බුදකාරි තත්වයන් මඟහරවා ගැනීමට පනවා ඇති වියදම් සීමාවන් ද සැලකිල්ලට ගනිමින් වර්ෂය තුල උපයන ආදායම ප්‍රශස්ත ලෙස යොදවා ගැනීම අභියෝගයක් කොට සලකමි. එම අභියෝග හමුවේ මහජන යෝජනා සඳහා අවස්ථාව ද සලසමින් සහභාගීත්ව ප්‍රවේශය තුලින් හදුනාගන්නා ලද සංවර්ධන අවශ්‍යතා අයවැය තුල අන්තර්ගත කොට ඇත. තවද 2025 වර්ෂය තුල ලඟා කර ගැනීමට අපේක්ෂිත පරිපාලන හා ආදායම් ඉලක්ක මෙසේ ගෙන හැර දක්වමි.
- දියුණු කල ප්‍රදේශ බවට ප්‍රසිද්ධ කරන ලද මීගහකිවුල හා කරමැටිය බල ප්‍රදේශ තුල වාර්ෂික තක්සේරුවන් සිදු කිරීමට ආරම්භ කිරීම.
- බහු කාර්ය ගොඩනැගිල්ල ආදායම් ඉපයීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ බදු දීම හා නව ආදායම් මාර්ගයක් ඇති කර ගැනීම.
- සභා පරිශ්‍රයේ ස්ථාපනය කරන ලද ජල පිරිපහදු ඒකකය වැඩි දියුණු කර ගැනීම.
- සභාව භූක්ති විදින මෙතෙක් පවරා ගෙන නොමැති ඉඩම් වල අයිතිය පවරා ගැනීම. (අවම වශයෙන් ඉඩම් 05ක්)
- පිටමාරුව හා රොබේරිය වසම් තුල හා පුංචි ලෝකාන්ත ප්‍රදේශය සංචාරක කලාපයක් ලෙස ප්‍රවර්ධන කටයුතු සඳහා ආරම්භ කිරීම.
- පුස්තකාල වාර්ෂික සැලැස්ම වර්ෂය තුල ක්‍රියාත්මක කිරීම.
- කාර්යාල නිලධාරීන්, ත්ෂේත්‍ර නිලධාරීන් හා සේවකයින්ගේ ධාරිතා සංවර්ධනය උදෙසා පුහුණු අවස්ථා සැලසීම.
- කාර්යාලය ක්‍රමය තුල ඵලදායීතාවය 5S සංකල්පය අනුව සැකසීම.
ඩී.එම්.කේ.ඩී.දිසානායක
සභාලේකම්,
ප්‍රාදේශීය සභාව, මීගහකිවුල