30 March 2021
Tender Notice – Weekly Fairs and Common Facilities Centre and Leasing of Dairy Building
මීගහකිවුල ප්‍රාදේශිය සභාව
ප්‍රසම්පාදන දැන්වීම
සතිපොළවල් හා පොදු පහසුතා මධ්‍යස්ථානය සහ
කිරිහල ගොඩනැඟිල්ල බදු දීම
මීගහකිවුල ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ මීගහකිවුල ප්‍රාදේශිය සභාවට අයත් පහත උපලේඛන අංක 02හි දැක්වෙන සතිපොළවල් සහ පොදු පහසුතා මධ්‍යස්ථානය සහ කිරිහල ගොඩනැඟිල්ල 2025 ජනවාරි මස 01 වන දින සිට 2025 දෙසැම්බර් 31 වන දින දක්වා වර්ෂයක කාලසීමාව තුළ පොළ බදු හා පොදු පහසුතා මධ්‍යස්ථානයේ බදු අය කිරීමේ අයිතිය පැවරීම සහ කිරිහල ගොඩනැඟිල්ල බදු දීම සඳහා ටෙන්ඩර් පත් කැඳවනු ලැබේ. ටෙන්ඩර් කැඳවීමේ පෝරම 2024.10.16 දින පෙ.ව.9.00 සිට 2024.11.18 දින පෙ.ව.11.00 දක්වා මා විසින් ප්‍රාදේශිය සභා කාර්යාලයේදි නිකුත් කරනු ලැබේ.
01. ටෙන්ඩර් ඉල්ලුම්පත් සම්පුර්ණ කර 2024.11.18 දින ප.ව.12.00ට ප්‍රථම “ මුල් පිටපත” හා “ අනු පිටපත”
යනුවෙන් නම් කොට වෙන වෙනම 9×6 ප්‍රමාණයේ ලියුම් කවර දෙකක දමා එම කවර දෙකම 10×16 ප්‍රමාණයේ කවරයක් තුළට දමා එම කවරය මුද්‍රා තබා නියමිත පරිදි සම්පුර්ණ කරන ලද ටෙන්ඩර්පත් “ සභාපති, ප්‍රසම්පාදන මණ්ඩලය, ප්‍රාදේශිය සභාව, මීගහකිවුල ” යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය හැකි අතර, නැතහොත් මීගහකිවුල ප්‍රාදේශිය සභා කාර්යාලීය ටෙන්ඩර් පෙට්ටියට අතින් ගෙනවිත් බහාලිය හැකිය. ඔබ විසින් ඉදිරිපත් කරනු ලබන ටෙන්ඩර්පත් බහාලන ලිපි කවරයේ වම්පස කෙළවරේ අදාළ “ සතිපොළේ හෝ පොදු පහසුතා මධ්‍යස්ථානයේ හෝ කිරිහල ගොඩනැඟිල්ල ලෙස නම සඳහන් කර ටෙන්ඩර් ඉල්ලුම්පත් ” යනුවෙන් සඳහන් කළ යුතුය. ප්‍රසම්පාදන විවෘත කිරීම 2024.11.18 වන දින ප.ව.1.00ට මීගහකිවුල ප්‍රාදේශිය සභා කාර්යාලයේදි සිදු කරනු ලබයි.
02. බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථිර පදිංචිකරුවන්ට හා ලියාපදිංචි සමිතිවලට පමණක් ටෙන්ඩර්පත් ඉදිරිපත් කළ
හැකිය. එමෙන්ම ස්වකීය අනන්‍යතාවය තහවුරු කිරීම සහ ජාතික හැඳුනුම්පත හා පදිංචිය තහවුරු කිරීම සඳහා මෑතකදි ලබාගත් ප්‍රාදේශිය ලේකම් අනු අත්සන් කරන ලද ග්‍රාම නිලධාරි සහතිකය ඉදිරිපත් කළ යුතුය.
03. වැඩි විස්තර කාර්යාලීය දිනයන් හි පෙ.ව.9.00 සිට ප.ව.3.00 දක්වා ප්‍රාදේශීය සභා කාර්යාලයෙන් විමසා දැනගත හැකිය. (දුරකථන අංකය – 055 -2245775) ටෙන්ඩර් පත් විවෘත කරන අවස්ථාවේ දී ඉල්ලුම්කරු හෝ ඔහුගෙන් ලිඛිතව බලයලත් නියෝජිතයෙකුට සහභාගි විය හැකිය. මෙම ටෙන්ඩර් සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීම හෝ අදාල නියමයන්ට අනුකූල නොවන ටෙන්ඩරයක් ප්‍රතික්ෂේප කිරීමේ පුර්ණ අයිතිය මීගහකිවුල ප්‍රාදේශිය සභා ප්‍රසම්පාදන මණ්ඩලය සතුවේ.
උපලේඛන අංක – 01
ටෙන්ඩර්පත් නිකුත් කිරීම 2024.10.16 වන දින පෙ.ව.9.00 සිට 2024.11.18 පෙ.ව.11.00 දක්වා
ටෙන්ඩර්පත් භාර ගැනීම 2024.11.18 දින ප.ව.12.00 දක්වා
ටෙන්ඩර්පත් විවෘත කිරීම 2024.11.18 දින ප.ව.1.00
උපලේඛන අංක – 02
සතිපොළේ නම අවම ලංසු මුදල
ආපසු නොගෙවන ටෙන්ඩර් පෝරම ගාස්තු (රු) ආපසු ගෙවන තැන්පතු
(රු)
වාර්ෂිකව මාසිකව
මීගහකිවුල සතිපොළ 2,817,000.00 234,750.00 8,000.00 60,000.00
කරමැටිය සතිපොළ 20,000.00 1,666.67 1,500.00 8,000.00
තල්දෙන සතිපොළ 65,000.00 5,416.67 2,500.00 10,000.00
පිටමාරුව සතිපොළ 75,000.00 6,250.00 3,000.00 12,000.00
මීගහකිවුල පොදු පහසුතා මධ්‍යස්ථානය 100,000.00 8,333.33 3,000.00 15,000.00
කිරිහල ගොඩනැඟිල්ල 108,000.00 9,000.00 3,000.00 15,000.00
සභා ලේකම්, 2024.10.14
ප්‍රාදේශිය සභාව, මීගහකිවුල මීගහකිවුල ප්‍රාදේශිය සභා කාර්යාලයේදි